Skrill ගිණුම නිවැරදිවම Verify කර ගනිමු. 2020 | How to Verify Skrill Account Sinhala

 
How to Verify Skrill Account

               අන්තර්ජාලයේ  ගණුදෙණු කරන කෙනෙකුට අනිවාර්‍යයෙන්ම තිබිය යුතු වැදගත් බැංකු ගිණුමක් වන Skrill ගිණුමක් නිවැරදිව Fully Verified කර ගන්න ආකාරය පියවරෙන් පියවර. 
                
                මෙලෙස Skrill ගිණුම Verify කර ගැනීමට ඔබ සතුව English වලින් දත්ත සඳහන් වන Government ID එකක්, Driving License එකක් අවශ්‍ය වේ. Facebook ගිණුමක් හරහා Verify කිරීමට ද හැකියාවක් Skrill මගින් අළුතින් ලබා දී ඇත (Optional). මේ නිසා ඔබගේ Skrill Account එක ඔබගේ සත්‍ය තොරතුරු ඇතුළත් කර සකසා තිබිය යුතුය.

                
                මුලින්ම ඔබගේ Skrill ගිණුමට Web Browser එකකින් Log In වෙන්න. ඔබට Skrill ගිණුමක් නොමැති නම් මෙතනින් ගිහින් Skrill ගිණුමක් පහසුවෙන්ම Skrill ගිණුමක් හදාගන්න. සරලව ගිණුමකට Register වෙන ආකාරයට ගිණුමක් හදාගන්න පුළුවන්. Skrill ගිණුමක් හදන හැටි කියවන්න මෙතනින් යන්න.
                
                 Account එකට  Log වෙලා Menu Bar එක Click කරන්න. Mobile Phone එකකින් ගත් Screen Shots වලින් පියවර පහළින් පෙන්වා ඇත.
                 
                
Skrill transactcion sinhala crypto
                 
                 ඉන්පසු පහළම ඇති Verification මත Click කරන්න. 



                එහි ඇති Options වලින් ඔබ ඉදිරිපත් කරන Document එකෙහි පැහැදිළි Photo දෙකක් (Front Side and Back Side) Upload කරන්න. ඉන්පසු ඔබගේ Verify කිරීම අවසන්. ඔබ යවන ලද Documents Reviwe කිරීමකින් පසු ඔබගේ Accout එක පැය 24ක් පමණ කාලයක් ඇතුළත Verify වනු ඇත. Verify වුණ පසු එය ඔබට E-mail එකක් මගින් සඳහන් කර එවනු ඇත.
                 
                 ඔබ Crypto Currency ගණුදෙනු සිදුකරන්නේ නම් ඔබගේ Skrill Account එක Fully Verified Account එකක් විය යුතුය. ඒ සඳහා ඔබගේ ලිපිනය සඳහන් Valid Document එකක්  Skrill වෙත අප ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා මාස 03ක් ඇතුළත ගෙවූ විදුලි බිලක්, වතුර බිලක්, Bank Statement එකක්, Tax Document එකක් වැනි Document එකක් ඉදිරිපත් කළ යුතු වේ. එම Verification එකද මේ ආකාරයට මෙතනින්ම සිදු කළ හැකිය. නැත්නම් කෙලින්ම Crypto Deposit එකක් සිදු කිරීමට ගිය විට මෙම Verification එක කිරීමට ඔබට සිදු වේ. එතනින්ද මෙම Verification එක සිදු කළ හැකිය.
                 
                 Skrill Account එක Fully Verified වුණ පසු මෙලෙසින් දිස්වනු ඇත.

Skrill Fully Verified Account Techzio-lk