කොහොමද $5 කින් Ebay Selling කරන්න පටන්ගන්නේ ? How to Sart eBay Selling with $5 ?

ඩ්‍රොප් ෂිපින් Ebay selling ඊබේ සෙලින් Techzio Aliexpress Selling Buy buying ebay suspend restore account paypal vcc Shipping Handmade sri lanka Shopify Pdf selling China economic Direct shipping

              ඇත්තටම $5 කින් Ebay Selling පටන්ගන්න පුලුවන්ද... ?  ඔව් ඇත්තටම උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ගාණත් ඇති ebay එකේ Selling පටන් අරගෙන කරගෙන යන්න..මේ කියන්නේ ඔයාට දැනටමත් paypal Account එකක් ඇති කියල හිතාගෙන.

            Account එක Suspend වෙයි, එහෙමත් නැත්නම් සල්ලි හිරවෙයි කියල වගේ අවදානමක් නැති paypal එකවුන්ට් එකක් තමයි මේ වැඩේට ඕනෙ වෙන්නෙ.
           
             ලංකාවට ගැළපෙන විදියට Paypal Account Verification Documents හදලා Verify කරන එක්ස්පර්ට්ලා ඕනෙ තරම් ඉන්නවා... පොඩ්ඩක් හොයල බලන්න.  Verified Paypal එකක් නම් වැඩේට හරියටම හරි.

කොහොමද Ebay Buy and Selling පටන්ගන්නේ ?


  •  මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරගන්න අවශ්‍ය වෙනවා.. පරණම Account  එකක් තියෙනවා නම් ලේසියි. 

  • අලුතෙන් Account එක Open කරපුගමන් එකපාරටම ගිහින් item list කරන්න යන්න එපා.... එහෙම කළොත් නම් ගොඩක් දුරට Account එකට ෂොට් එක හම්බවෙනවා..

  • ඒ නිසා මුලින්ම $0.99 වගේ item එකක් දෙකක් ගන්න. ඊට ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නම් වටිනවා.. ඒත් මේ කියන්නෙ අඩු මුදලකින් පටන් අරගෙන කරන් යන හැටිනේ.. වැඩේ මෙහෙම කරද්දි නම් රිස්ක් එක වැඩී.. මොකද මේ විදියට අළුත් Account ගොඩකින් Items දෙකක් තුනක් Buy කරලා Feedback දෙක තුනක් අරගෙන එකපාරටම Selling වලට යද්දි එයාලගෙ Algorithm එකට ඒ Acc අහුවෙනවා.. ඒ නිසා ඉවසීම ගොඩක් වැදගත්.. එකපාරටම Selling වලට යන්න එපා..  Feedback හදාගන්නකන් අඩුමතරමෙ මාසයක් වත් ebay එකේ වැඩිපුර වෙලාවක් log වෙලා ඉන්න. ඒ කාලෙ තුළ Sell කරන්න හොඳ Items ටිකක් research කරල තියාගන්න .. ඉතින් $1 අඩු items ඕනෙ තරම් හොයාගන්න පුළුවන්.. Auction Style බලන්න.. ඩොලර් $5න් $2 දැනටම ඉවරයි  නේ. ඔව් කමක් නෑ... ෆීඩ්බෑක් දෙකත් ඉල්ලගන්න.

  •  කලින් කීව වගේ Account එක මාසයක් වත් පරණ වෙන්න දෙන්න.... ඒ අතරේ Ebay එකේ අනිත් අය Listing දාල තියෙන්නේ කොහොමද බලන්න. Fast items මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න.

  •  මේ කාලය අතරේ පුළුවන් උනොත් ටිකක් හොඳට Listing Template එකක් හදාගන්න. Ebay Free Listing Templates කියල Google Search කළොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. මේ sellercore.com සයිට් එකත් අවුලක් නැහැ.. තවත් හොඳ Sites  ඇති.. ටිකක් හොයල බලන්න..

  •  වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ items විකුණන Seller කෙනෙක් හොයාගන්න.  මේ දේවල් කරන අතරේ තව ඩොලර් කීපයක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ...

දැන් තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ..

  •  අලුත් Private / Individual Account එකක items 10ක් විතර list කරන්න පුළුවන්.  අලුත් Account වලට free listing තියෙනවා.  හැබැයි selling fee එක පොඩ්ඩක් වැඩියි. ඒත් එහෙම කියලා එකපාරටම බිස්නස් එකවුන්ට් එකකට කන්වර්ට් කරන්න එපා. තියෙන්නෙBusiness Account එකක් නම් ඒකත් ප්‍රශ්ණයක් නැහැ.

  •  දැන් අර හොයාගත්ත 0.99 වගේ fast selling items වලින්, ඔයාගෙ පොඩි ලාබෙත් අල්ලලා ඊබේ එකේ එක එක අයිටම් කෑලි 2, 3 ක් දාන්න. ඒවත් එකම Category එකක ඒව නම් වැඩිය හොඳයි.. ***ඔයාට මීට වඩා මුදලක් වියදම් කරන්න පුළුවන් නම් අනිවාර්‍යෙන්ම ලංකාවෙ items දෙක තුනක් list කරන්න. මුලින්ම list කරන item එකවත් මෙහෙම එකක් දාන්න බලන්න. එක දිගට දවසට listing තුන හතරක් දාන්න එපා.. ඉවසීමෙන් ඉන්න. ටික කාලයක් items දෙක තුනක් ලිස්ට් කරල බලන්න.. මුලින්ම වැඩි ලාබයක් හොයන්න යන්න එපා..   ටික කාලයක් මෙහෙම කරගෙන යන්න පුළුවන් නම් Account එකට ඒක වටිනවා..
  •  items එකක් දෙකක් sell වෙද්දි ඔයාගෙ අතේ තියන ගාන ඉවරවෙද්දි ස්ටොක් 0 කරන්න.. Supplier ට කියල ship කරලා delevery කරනකන් බලන් ඉන්න. ඒ අතරෙ seller එක්ක messages වලින් අල්ලගෙන තියාගන්න. Delevery  වුණාම buyerට කියල feedback ගන්න බලන්න.. ටිකදවසකින් සල්ලි රිලීස් වෙනවා...

  • ආයෙත් අර sell වුණ item එකේ stock වැඩි කරලා දාන්න. Sell වුණාම උඩ කියපු වැඩ ටිකම ගානට කරන්න වෙනවා. පොඩ්ඩ පොඩ්ඩ limit එක වැඩි කරගන්න.ලොකු process එකක් තමයි. කාලයක් යනවා. එක රැයින් කෝටිපතියෙක් වෙන්න බෑ. ඒකයි මුලින්ම කිවුවෙ ඉවසීම වැදගත් කියලා..

  •  items 10ක් 15ක් වගේ sell වේගෙන එද්දී ebay Account එක business Account එකකට convert කරන්න. Limits auto වැඩිවෙනවා... මදි උනොත් ශේප් එකේ customer service chat එකෙන් ඉල්ලන්න.. auto වැඩි වෙනකන් ඉන්නවා නම් ඒකත් වටිනවා.. කඩ්ඩ ශේප් නම් කෙලින්ම කෝල් එකක් ගන්න.

  •  අනිත් වැදගත් දේවල් තමයි buyer ගේ මැසේජ් වලට පුළුවන් තරම් fast reply කරන්න. කඩ්ඩ හොඳ නැත්නම් grammarly වගේ extension එකක් පාවිච්චි කරන්න. 

  • මේ විදියට කාලයක් කට්ට කන්න වෙනවා. මාස 6ක් විතර active selling කරගෙන ගියාම ඔයාගෙ paypal payment එක order එක ආපු ගමන්ම රිලීස් වෙන්න පටන් ගන්නවා...අන්න එතකොට ගේම අතට අරන් වැඩ පටන් ගන්න. අලුතෙන් limis ඉල්ලන්න.... ebay market එක research කරන්න.. fast selling items පුළුවන් තරම් list කරන්න.. order එන සල්ලි වලින්ම dropshipperට ගෙවන්න පුළුවන්....

  • Order follow up කරන්න. Case වලට ශේප් එකේ උත්තර දෙන්න.
  • Fake items වලින් වැඩිපුර හොයන්න පුළුවන් කියල කෑදර වෙන්න එපා.  ඒවා ලිස්ට් නොකර ඉන්න.Policy Violate නොකර ඉන්න වග බලාගන්න.

          වැඩේ ගොඩ ගියොත් web එකක් ඕපන් කරන්න. ගොඩ ගියොත් නෙමේ.... අර උඩ කියන විදියට ඉවසීමෙන් කළොත් ඩෙෆා ගොඩ යනවා.

          තනියම web එකක් කරන්න අමාරු නම් අඩුවට කරන කෙනෙක් ගෙන් කරගන්න බලන්න. මොකද top level web එකක් දැනට අවශ්‍ය නෑ.. ඔන්ලයින් ප්‍රසන්ස් එක පෙන්නන්න web එකක් තිබුණම ඇති. පස්සේ හොඳ එකක් හදාගන්න පුළුවන්. පස්සේ වෙනස් කරලා හදාගන්න පුළුවන් විදියට ඒකත් කරගන්න..

             Web එකේ ලිස්ට් කරද්දී Ebay fee precentage එක අඩු කරලා දාන්න. අනික ඔයා හොඳ service එකක් දෙනවා නම් ඔයාගෙ returns Customersලා ඔයාගෙ web එකට එයි. එන්න එයාලා කොහොමද ඔයාගෙ web address  එක දන්නේ....?  ඒක මෙහෙමයි කරන්නේ... ඔයාට පුළුවන් Registered business Account details වෙනස් කරන්න ඕනෙ වෙලාවක.  ඔයා ගත්ත domain එකෙන් email එකක් හදාගෙන (support@yourdomain.com වගේ) ඒක add කරන්න.... දැන් customersලාට පේනවා ඔයාගෙ web address එක. අඩුවට ගන්න ඕනේ කෙනා ඔයාගෙ web එකට එනවා. හැබැයි messege එකක කීයටවත් ඔයාගෙ web එකක් ගැන ebay එකෙන් එළියේ business එක කරන්න customer ට කතා කරන්න එපා. ඒක නීති විරෝධී යි.

        Web එකට ebay එකේ වගේ Order එන්නේ නැතිවෙයි. එත් ඔයාගෙ ඔන්ලයින්  රෙපියුටෙෂන් එකට ඒක හොඳයි.

             වෙබ් එකටත් ඕඩර් එකක් දෙකක් එන්න ගත්තම සල්ලිත් අතේ තියෙද්දී ඇප් එකක් හදාගන්න. IOS / Android දෙකටම හදලා publish කරන්න.

              සමහර අය web එකෙයි app එකෙයි ඕඩර් 5ක් නෑ මාසෙකට. හැබැයි ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා web app හදන්න හදනවා.  මුල stage එකේදී web එකයි app එකයි high end එකක් වෙන්න ඕනෙම කියල නෑ.

             ඔයාට web එකේ දවසකට ඕඩර් 10ක් විතර එද්දී web එක professional high end look එකකට හදාගන්න පුළුවන්. මේ ගානට එද්දී  තව උපදෙස් ඕනේ නෑ... මොකද ඔයා දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල. එහෙනම් අදම වැඩ පටන් ගන්න. දැනට වැඩ කරගෙන යන කෙනෙක් නම් තව තවත් මහන්සි වෙන්න.. නොකියවුණු කරුණු තියෙනම් comment section එක open.

          Paypal Account එකක් නැත්නම් මෙතනින් ගිහින් ලංකාවට ගැළපෙන paypal Account එකක් හදාගන්න හැටි කියවන්න.