Ransomware වලින් ඔයාගෙ Computer එකේ දත්ත ආරක්ෂා කරගන්න මේ දේවල් ගැන දැනුවත් ද? | Protect your Computor Data [ Ransomware ]

Ransomware සිංහලෙන් techzio-lk sinhala online virus sinhala hacking protect computer පරිගණක ආරක්ෂාව එතිකල් හැකින් වයිෆයි හැක් රිකවරි ටූල්ස් data backup sinhala නැතුවුණ ඩේට recovery රැන්සම්වෙයා

      මේ Ransomware කරදරය දැන් ආයෙත් හැමතැනම දකින්න තියෙනවා. ඉතින් ගොඩක් අය මේක නිසා තමන්ගෙ computer එකේ තියෙන ෆොටෝස්, වීඩියෝස්, ව්‍යාපාර කටයුතු ගැන වගේ තියෙන කියන්න බැරි තරම් වටින දේවල් පවා නැවත ලබාගත නොහැකි ලෙස නැති කරගෙන තියෙනවා.. ඉතින් කෙනෙකුට මේක සාමාන්‍ය දෙයක් වුණාට තවත් කෙනෙකුට ඒක ඊට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. දිනපතා අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙලා සිටින එක වටිනවා..

එකපාරක් මේ කට්ට කාලා තියෙන කෙනෙක් නම් මෙහෙම වුණාම දැනෙන වේදනාව දන්නවා.

 files ඔක්කම තියෙනවා ඒත් Open වෙන්නෙ නෑ.. ලොක් කරලා. වෙන File format එකකට හැරිලා... ලොක් අරින්න නම් ඉල්ලන කප්පම් ගානක් එයාලට ගෙවන්න කියනවා.. එක්කො Bitcoin 3000 නැත්නම් $4000 වගෙ. ඉතින් මේ වගේ දෙයක් වුණාම මේ සම්බන්ධව වැඩ කරන කෙනෙකුට ගොඩක් අසරණ වෙනවා.. හැබැයි ඔයාට මෙහෙම දෙයක් වුණොත් 
කවදාවත් ගෙවන්න යන්න එපා... මොකද 99.9%  unlock වෙන්නෙ නම් නෑ..


කොහොමද pc එකට Ransomware එන්නේ... ?

Internet හරහා තමයි ගොඩක් වෙලාවට මේවා පරිගණකයට ඇතුල් වෙන්නේ.. 

1. Cracked software use කිරීම

2. Unsafe site වලින් software download කරීම.

3. email වල attachment open කරීම.

මේ මොනම ක්‍රමෙට ආවත් ඔක .exe File එකක් වෙන්න ඔන... ඒ කියන්නෙ අපෙ අවසරය සහිත mouse click එකකින් තමා run වෙන්නෙ. ඊටපස්සේ ඉඳලා Software එක Auto Run වෙනවා... වෙනම administrator user එකක් හැදෙනවා.  file එක්කම lock වෙනවා. encrypted වෙනවා. ඒ වුණාම
.cand .coot .dygf  වගෙ Data අගට add වෙලා තියෙනවා දැකගන්න පුළුවන්.ඒ ටික වුණා කියන්නෙ ඉතින් වැඩේ වෙලා ඉවරයි තමා.


Ransomware එකක් ආවොත් මොකද කරන්නෙ... ?

1. encrypted වුන file වෙන hard එකකට දාලා pc එක full format කරන්න...ඔව් ඔව් මුල ඉදන්ම ඔක්කම ආයෙ දාලා pc එක up කරගන්න.

2. Lost වුන data වල backup ආරක්ශිතව තියෙනවා නම් ඒවා ආයෙ දාගන්න.

3. Encrypted වුන files ටික decrypt කරගන්න බලන්න. ( සමහර File deycrypt කරන්න පුළුවන් Softwares හඳල තියෙනවා.. ඉතින් Files වල අගට තියෙන File format එක Google කරල වගේ බලන්න මුලින්ම. )

4. pc එකෙ mac address මාරු කරගන්න.

5.Data Recovery  වලින් පරණ files ගන්න try කරද්දී පරිස්සම් වෙන්න... ආයෙත් ඒ දේම වෙන්න පුළුවන් .

මෙහෙම නොවෙන්න අපිට මොකද කරන්න පුළුවන්.. ?


පෙර සූදානම තමයි වැදගත්ම දේ.. අන්තර්ජාලය නිතර භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම තමන්ගෙ Data ගැන වගකීමක් එක්ක කටයුතු කළ යුතුමයි. ඒ නිසා මේ දේවල් ටිකත් කරල තියා ගන්න එක හොඳයි.


1. Data, Softwares, Plugins, Templates හැම දෙයක්ම DVD වලට backup කරගන්න... හම්මෝ dvd කියක් නම් යයිද හූල්ලන්න එපා.. banana dvd 50 විතර එකපාර අරන් තියා ගන්න. External Hard Disk එකක් Use කරන්නත් පුළුවන්... ලොකු අවදානමකින් බේරෙන්න පුළුවන් පරණ Data dvd backup කරගෙන තියාගෙන හිටියොත්.

2. Torrent software බාද්දි download වුනෙ zip rar file package එකක් නෙමෙයිනම් install කරන්න එපා.

3. backup external hard drive පාවිච්චි නොකරන හැම වෙලාවෙම unplug කරලා තියාගන්න.

4. real-time virus guard active කරලා තියන්න.

5. Cloude Storage භාවිතා කරල ඔයාගෙ Data අරන් තියාගන්නත් පුළුවන් . ( Google Drive, Box, Dropbox, Mega, One Drive මේ හැම එකකම Free ලොකු Data ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. Pay කළොත් ඊට වඩා ගන්න පුළුවන්. ) 


     ඉතින් අවදානම අඩු කරගෙන වැඩ කරමු. මේ දේ තවත් කෙනෙකුට වටිනව කියල හිතෙනව නම් ඒ අයටත් බලන්න Share කරන්න.