Pics Art App එකට ඔයාට අවශ්‍ය Font එකක් දාගෙන වැඩ කරන හැටි. [ ෆොටෝ උඩ ලස්සන සිංහල අකුරු වලින් ලියන්න ]

 


Pics Art කියන photo editor App එක ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. ඒනිසා App එක ගැන විශේෂ හැඳින්වීමක් අවශ්‍ය වෙන එකක් නෑ.. 


මේ ඇප් එකෙන් ගොඩක් වැඩ කරගන්න අය ඉන්නව කියන එක නොරහසක්. ඒ බව ඔයාලටම දැන ගන්න පුළුවන් Social Media වල ටිකක් හොයල බැලුවොත්. Pics Art Editing Community ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. 


ඉතින් මේ මොබයිල් ඇප් එකෙන් පහසුවෙන් ඔයාගෙ ෆොටෝ එකක් Edit කරගන්න හැකියාව තියෙනවා.. මේ Pics Art App එකේම Premium Version එකකුත් දැකගන්න පුළුවන්. 


මේ ඇප් එකට සාමාන්‍යයෙන් Text Type කරන්න එන්නෙ ප්‍රසිද්ධ Font Styles කිහිපයක් විතරයි.


ඒ නිසා අපි අද කතා කරන්න යන්නෙ මේ ඇප් එකට තවත් English / Sinhala / Tamil Fonts එකතු කරලා ඒවයෙන් ලස්සන Text එකක් ලියාගන්නෙ කොහොමද කියල.


ලස්සන ලස්සන සිංහල අකුරුවලින් ටයිප් කරමු.



Steps


01. මුලින්ම ඔයාගෙ මොබයිල් ඩිවයිස් එකට Pics Art Application එක Install කරගන්න ඕනෙ. 

Play Store Download


02. App එක Install කළාට පස්සෙ, File Manager වලට ගිහින් Pics Art කියන Folder එකට යන්න. 



03. ඒ Folder එක ඇතුළෙ තියෙනවා Fonts කියලා Folder එකක්. අන්න ඒ ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුළට අපි අළුත් ෆොන්ට්ස් ටික ඇඩ් කරගන්න ඕනෙ. 


ඉතින් මේකට ඇඩ් කරන්න සිංහල හෝ ඕනෙම Language එකක Fonts ඔයා ළඟ තියෙන්න ඕනෙ. ඔයා ළඟ ෆොන්ට්ස් නැත්නම් පහළින් Download කරගන්න. 



Download Free Sinhala Unicode Fonts



04. ඔයා මේ folder එකට ඇතුළත් කරන Fonts  .ttf  Format එකෙන් තියෙන Fonts විය යුතුයි. 


05. ඔයා Download කරගෙන තියෙන Fonts සේරම මේ ෆෝල්ඩර් එකට දාල ඉවර වුණාට පස්සෙ, Pics Art App එක Open කරන්න.


06. ඊට පස්සෙ Text Type කරන තැනට ගිහින් බැලුවත් ඔයාට පේන්න තියෙන්නෙ පරණ ඇප් එකටම එන Fonts ටික තමයි. හැබැයි පහළින් කොනේම තියෙනව My Fonts කියල තැනක්. අන්න එතන Click කරල බලන්න ඔයා Add කරපු ෆොන්ට්ස් සේරම එතන පෙන්නයි. 



දැන් ඒ ෆොන්ට් එකක් select කරලා Type කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයා Add කරපු ලස්සන font එකකින් තමයි දැන් Type වෙන්නේ..