Pinterest වලින් වැඩක් අරගන්න හැටි | මුදල් හොයන්නත් පුළුවන්


            pinterest දැනට අවුරුදු කිහිපයක පටන් තියෙන සුපිරිම සුපිරි Social Media Platform එකක් වුණාට, ළඟකදි ඉඳල ගොඩක් දෙනා මේ ගැන කතා බහ කරනවා.. ඉතින් අපිත් මේ ගැන නොදන්න අයට වගේම දන්න අයටත් වටින තොරතුරු ටිකක් එකතු කරන්න ඕනෙ කියල හිතුවා.. 

මොකක්ද මේ Pinterest කියන්නෙ?


           සරලවම ගත්තොත් මේක පින්තූර සහ Short Videos සඳහාම වෙන් වුණු වේදිකාවක්.. මේ වන විට බිලියන ගණනක Usersලා ප්‍රමාණයක් Pinterest භාවිතා කරනවා.. ඉතින් මේ Platform එක ගත්තම අනිත් හැම Social Media Platform එකකටම වඩා User Friendly බව ඉහළින්ම තියෙනවා.. ඉතින් මේකෙ Account එකක් හදාගන්න කෙනෙකුට කැමති කැමති නම් වලින් Boards හදලා ඒ බෝඩ් වල ඔයාලගෙ පින්තූර වීඩියෝ Pin කරන්න පුළුවන්. සරලවම කියනවනම් මේක ඔයාගෙ ඉස්කෝලෙ තිබුණ නෝටිස් බෝඩ් එකක් වගේ... ඉතින් Pinterest.com කියන Web Site එකට ගිහින් අදම Account එකක් හදාගන්න. නැත්නම් ෆෝන් එකට Pinterest App එක දාගන්න. 


Pinterest Account එකක් හදද්දි සැලකිලිමත් විය යුතු දේවල්... 


• මුලින්ම ඔයා Publish කරන්න හිතාගෙන ඉන්න, එහෙමත් නැත්නම් ඔයාගෙ Business එකට අදාළව වැඩක් ගන්න පුළුවන්, අනාගතේදි වැඩක් වෙන Niche එකක් තෝරගන්න. 

• ඔයාගෙ Category වලට අදාළව තියෙන Competition එක ගැන බලන්න.

• ඔයා Target කරන Audience එක ගැන Plan කරන්න.

• හදන්න පුළුවන් Boards ගැන හොයන්න. 

• Trending Category මොනවද කියල Research කරන්න.

• වැදගත්ම දේ තමයි මේ වෙද්දි Analytics Dashboard එකක් තියෙන්නෙ Business Account එකට විතරයි. අවශ්‍ය නම් Business Account එකකට Convert කරගන්න. 

• Adult Contents Use කරන්න එපා.

          

            විශේෂයෙන්ම  කියන්න ඕනෙ දෙයක් තමයි මේ ඕනෙම Platform එකක් පාවිච්චි කරනකොට හොඳ දේවල් සඳහා පමණක්ම යොදා ගන්න කියල.. මේක Pinterest වලට අදාළවම කියන කතාවක් නෙමෙයි. මොකද මේ වෙද්දි ලංකාවෙ ගොඩක් අය වැඩ ගනිපු වටිනා කියන Websites වල Features ගොඩක්, එක එක විධියේ හේතු කාරණා නිසා අහිමි වෙලා තියෙනවා.. ඒ නිසා ලංකාවට ඩොලර් ගලාගෙන එන ක්‍රම නැති වෙනවා..  වැඩ කරද්දි ඒ දේවල් ගැනත් ටිකක් හිතන එක හොඳයි. 


Pinterest වල Pin එකක් දානකොට සැළකිලිමත් වෙන්න ඕනෙ දේවල්


• Content Quality එක

• Title එක

• Tags නිවැරදිව යෙදීම

• URL එකක් භාවිතා කරනව නම් ඒ ගැන

• Publish කරන Boards ගැන

• Idea Pins භාවිතා කිරීම ගැන


      Pinterest වලින් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන තවත් ලිපියකින් අරගෙන එන්නම්.. එතකන් Pinterest Account එකක් එහෙම හදල වැඩ පටන් ගන්නකෝ..


Pinterest වලින් මුදල් උපයන්න පුළුවන් සාර්ථකම ක්‍රම ගැන දැනගන්න >>>